BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, February 26, 2015

රවීන්ඳ්‍රන් කරුපයියාගේ ඉතිහාස පැටිකිරිය....!!!

 ඇතැම්විට දෛවය මිනිසුනට සරදම් කරයි . සමහරෙකුට ලොව සියළු මිනිසුන් රැවටිය හැකි වුවද දෛවය රැවටිය නොහැකිවෙයි .  

 අපේ මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුපයියා ජනතාවට සහන සලසන අයවැය ගෙනෙනා දිනම ඔහු විසින් ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව කිරුලපනේ ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවේ තැන්පත් කළැයි කියැවෙන නඩුවේ විභාගය නියමිතව තිබිණ .
කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද ලිවේරා තෙන්නකෝන් ඉදිරියේ මෙම නඩුව කතා කළ විට කරුපයියා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේ රවීන්ඳ්‍රන් කරුපයියා විත්තිකරු අද මුදල් ඇමැති ලෙස අතුරු අය වැයත් ඉදිරිපත් කරන නිසා නඩුව වෙනත් දිනයකට කල් තබානා ලෙසයි . ඒ අනුව නඩුව වෙනත් දිනයකට කල් තැබිණ . නඩුව වෙනත් දිනයකට කල් තැබීම පමනක් නොව මෙදා මෙවන් සියළු දූෂිතයෝ මෛත්‍රී යහ පාලනයට එකතුව මහින්දගේ දූෂණ භීෂණ වලින් ජනතාව රවටමින් තම දූෂිත බව වසා ගන්නා අන්දම පෙනෙනා අපට අවසන මේ විත්තිකරු සියල්ලෙන් නිදොස් කොට නිදහස් කලද එය මහත් අරුමයක් නම් නොවේ .
 මොහාන් පීරිස් අගවිනිසුරු පත්වීම වැරදි යැයි කියා එවැනිම වරදක් කොට ව්‍යවස්ථාවට පිටින් ශිරාණි බන්ඩාරනායක දිනකට පත්කොට රටේ නීතියද දේශපාලනයට ඇවැසි සේ වෙනස් කරනා රටක රාජිත ඇමතියා කියනා පරිදි ඉවත් නොකරන්නේ නම් කැමැති අන්දමට නඩු තීන්දු ලබා දෙන්නම් යැයි මොහාන් පීරිස් අග විනිසුරු කී බවට කැට කඩනා රටක රවීන්ඳ්‍රන් කරුපයියලා සියල්ලෙන් නිදොස්ව නිදහස් වීම සුළු සිදුවීමකි . නමුදු මේ මුදල් රවීන්ඳ්‍රන් කරුපයියාට ආර් රාජරත්නම් යනු කවරෙක්දැයි දන්නා අපට එය එසේ සුළුවෙන් බැහැර කල හැකි කරුණක් නොවන්නේ මේ පුද්ගලයා කොටි ඝාතක සමගාමට උදව් කරන යක්‍ෂයකු බව දන්නා නිසාය . අද අපේ යහ පාලනයේ මුදල් ඇමතිවරයා එවන් යක්ෂයකු ගේ සහකරුවෙක් බව දක්නා තැන සිට මේ ගැන අපේ පිලිකුල හා විරෝධය මෙසේ පල කරන්නෙමු . මේ රාජරත්නම් ගේ පැටිකිරිය ගැන දිවයින පුවත් පතට කීර්ති වර්ණකුල සූරිය ලියූ ලිපියක්ද ඔබේ දැන ගැනීම පිනිස මෙසේ පල කරන්නෙමු . ================================= ඩොලර් මිලියන ගණනක්‌ කොටින්ට සම්බන්ධ ආයතනයකට ලබාදීම සම්බන්ධයෙන් ඇමරිකාවේ කෝටිපති ව්‍යාපාරික රාඡ් රාජර්නම්ට හා ඔහුගේ පියා වූ ඡේසුදාසන් රාජරත්නම්ට එරෙහිව නඩු විභාගය ගෙන යැමට ක්‍රියා කරන්නැයි ඇමරිකානු පෙඩරල් විනිසුරුවකු විසින් පසුගිය 1 වැනිදා නියෝග කෙරිණි. මෙහි චූදිතයන් වූ රාඡ් රාජරත්නම් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට එක්‌වූයේ සටන් විරාම ගිවිසුම සමයේයි.
 ඔහු ප්‍රධානතම වානිජ බැංකුවල සිට විවිධ ව්‍යාපාරික සමාගම්වල කොටස්‌ මිලයට ගනු ලැබීය. එ් අතරේ ඔහු කොටින්ට උදව් කරන බව කිසිවකු දැන සිටියේ නැත. රාජරාත්නම්ගේ ද්විත්ව රංගනය හෙළි වූයේ ඇමරිකාන් එෆ්.බී.අයි පොලිසියටය. කොටින්ට ඩොලර් මිලියන ගණනක්‌ සපයන මිස්‌ටර් “බී” නමැති අබිරහස්‌ පුද්ගලයා රාජරත්නම් බව එෆ්.බී.අයි. පොලිසිය සොයා ගැනීමෙන් ඔහු මෙතෙක්‌ රඟදැක්‌වූ නාටකය හෙළිවිය. පසුගිය 1 වැනිදා ඇමරිකානු පෙඩරල් අධිකරණයේ විනිසුරු ඩෙනිස්‌ කැන්හෝ දුන් තීන්දුව වූයේ ත්‍රස්‌තවාදී සංවිධානයකට සහායවීම ගැන රාඡ් රාජරත්නම්ට හා ඔහුගේ පියාට එරෙහිව නඩු පැවරිය හැකි බවයි. සටන් විරාම සමයේ මෙන්ම වත්මන් රජය සමයේත් රාඡ් රාජරත්නම් රඟදැක්‌වූ නාටකයට එක්‌තරා දේශපාලනඥයකු ද සම්බන්ධ විය. මේ දේශපාලනඥයා පැවසුවේ කොටින්ව පුනරුත්ථාපනනය කිරීමට රාජරත්නම් අරමුදල් සැපයීමට තීරණය කළ බවයි. 
එහෙත් ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය මේ රාජරත්නම් දෙපළ කොටින්ගේ ටී.ආර්.ඕ. සංවිධානයට අරමුදල් සැපයූ හැටි සොයා ගත්හ. වරක්‌ ටී.ආර්.ඕ. සංවිධානයට ඩොලර් මිලියන දෙකක්‌ සපයා තිබූ බව සනාථ විය. 2007 සහ 2008 වර්ෂවල කොටි සංවිධානය විසින් සිදු කළ බෝම්බ පිපිරීම්වලට ලක්‌වී මියගිය අයගේ ඥතීන් විසි හතරකට අධික කණ්‌ඩායමක්‌ විසින් කොටින්ට ආධාර කළ පාර්ශ්වයන්ට එරෙහිව නඩුවක්‌ පවරනු ලැබීය. ඇමරිකාවේ නිව් ජර්සි නගරයේ ලෝ ජර්නල් පුවත්පත දක්‌වන අන්දමට ඇමරිකානු පුරවැසියන් වූ රාජරත්නම් රාඡ් කුමාර් සහ ඔහුගේ පියා වූ ඡේසුදාසන් රාජරත්නම් ඩොලර් මිලියන ගණනක්‌ ටී.ආර්.ඕ. සංවිධානයට ලබාදී තිබිණි. මේ රාජරත්නම් බූස්‌සට ද ගොස්‌ සුනාමිවලින් විපතට පත්වූ පිරිසකට නිවාස ඉදිකර දුන්නේය. මේ නිසා ඇතැමුන් රාඡ්රත්නම්ව දෙවියකු ලෙසින් හැඳින් වූහ. එහෙත් මේ දෙවියා කොටි ඝාතක සමගාමට උදව් කරන යක්‍ෂයකු බව දකුණේ ජනතාවට දැන සිටියේ නැත. මෙරට බුද්ධි අංශ ද රාජරත්නම් ගැන සොයා නොලැබුවේ කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයකු නිසාය. 2001 වසරේදී ඇමරිකාව විසින් ටී.ආර්.ඕ. සංවිධානය තහනම් කෙරිණි.
 මේ තහනම යටතේ ඇමරිකානු පුරවැසියන්ට විදේශ සංවිධානවලට අරමුදල් සැපයීම තහනම් විය. එහෙත් රාජරත්නම් එම නීතිය බිඳ දමමින් කොටින්ට අරමුදල් සැපයීය. එසේම රාජරත්නම්ගේ විශ්වාසය වූයේ කොටි සංවිධානය යම් දිනෙක ජය ගනු ඇති බවයි. මේ නිසා කොළඹ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ පාලනය ගැනීම ඔහුගේ අරමුණ විය. එහෙත් එවකට පැවැති රජය රාජරත්නම් ගැන විමර්ශනයක්‌ කිරීමට ඉදිරිපත් වූයේ නැත. වත්මන් රජය ද ඊට සම්බන්ධ වූයේ නැති බව පැහැදිලිය. රාජරත්නම් සමග දැඩි සබඳකම් පැවැත්වූ ව්‍යාපාරිකයන් මෙරට සිටී. එහෙත් මේ පිරිස්‌ අද නීතියේ රැහැනින් ගැලවී ඇත. මෑතකදී මඩකලපුවේ තිබී කොටින්ට අරමුදල් දුන් ව්‍යාපාරිකයන්ගේ ලැයිස්‌තුවක්‌ අසුවිය. එහෙත් මෙතෙක්‌ එම ව්‍යාපාරිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වූයේද? කොටි ඝාතක සමාගම මිනීමැරීම් සඳහා ක්‍රියා කරද්දී එම ඝාතනයන්ට අරමුදල් සැපයූ රාජරත්නම්ගේ ශ්‍රී ලාංකික සබඳකම් රජය දැන්වත් සෙවිය යුතුය. ඇමරිකාවේ පෙඩරල් විනිසුරුවරයා තවදුරටත් පවසා ඇත්තේ ඇමරිකාවේ පුරවැසියන් නොවන අයට ද රටෙවල නීතිය කඩ කරන්නේ නම් ඊට එරෙහිව නඩු පැවරිය හැකි බවට 1789 ඇමරිකානු පනතින් ඉඩ සලසා ඇති බවයි.
 එහෙත් කොටි ආධාරකරුවන් ගැන අද කිසිවෙක්‌ හඬ නඟන්නේ නැත. බිහිසුණු ත්‍රස්‌තයන්ට සමාව දෙන ලෙස ඉල්ලීම් ද රජය වෙත යොමුවේ. මගේ ශබ්දකෝෂයේ සමාව කියන වචනය නැතැයි ප්‍රභාකරන් වරක්‌ පැවසීය. මේ නිසා කොටි ඝාතන සමාගමේ සහයකයන්ට සමාව දිය යුතුද? මේ තත්ත්වය මත ඇමරිකානු විනිසුරුවරයාගේ තීරණය ගැන මෙරට කිසිම සංවිධානයක්‌ ප්‍රසාදය පළ කර නැත. එ් වෙනුවට මාධ්‍ය සංවිධාන යනුවෙන් අටවාගත් සංවිධාන පහ ව්‍යවස්‌ථාව සංශෝධනය ගැන හඬ නඟයි. කොටි බිහිසුණු මිනිස්‌ ඝාතන සිදු කරද්දී මේ සංවිධාන මුනිවත රැකීය. දැන් ඔවුන්ට බරපතල ප්‍රශ්නය වී ඇත්තේ ව්‍යවස්‌ථාවයි. ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කෙරේ තැකීමක්‌ කරන්නේ නැතැයි ප්‍රභාකරන් පවසද්දී මේ මාධ්‍ය සංවිධාන ඊට එරෙහි වූයේ නැත. එ් ප්‍රභාකරන් ඝාතකයාට ඇති බිය නිසාය. කෙසේ වෙතත් කොටි නිසා විපතට පත්වූවන්ගේ ඥතීහු බියකින් තොරව ඇමරිකානු අධිකරණය හමුවේ කොටි ආධාරකරුවන්ට නඩු පවරනු ලැබීය.
 මේ නඩුව තමාගේ ක්‍රමවේදයක්‌ යෑයි දක්‌වමින් ත්‍රස්‌ත විශේෂඥයකු යෑයි හඳුන්වාගත් අයෙක්‌ ඊට මැදිහත්වීමට ද උත්සාහ දැරීය. මේ තත්ත්වය මත ඇමරිකාවේ නඩු තීන්දුව කොටින් නිසා විපතට පත්වූ මෙරට ජනතාව වෙනුවෙන් ලැබූ සාධාරණ විනිශ්චයකි. රැඳවුම් කඳවුරුවල සිටින කොටි ඝාතකයන් මුදාහැරිය යුතු යෑයි ඉල්ලීම් කෙරෙන අවස්‌ථාවක මේ නඩු තීන්දුව තුළින් ත්‍රස්‌තවාදයේ ආධාරකරුවන්ට ද ගැලවීමක්‌ නැති බව පෙන්නුම් කෙරේ. රාජරත්නම්ට එරෙහිව පැවැති මේ නඩු විභාගය ගෙන යැමට බලයක්‌ නැතැයි කියමින් ඔහුගේ නීතිවේදීන් ඉදිරිපත් කළ තර්කය ද විනිසුරුවරයා ඉවත දමා ඇත. කොටි සංවිධානය විනාශවී ඇතත් වසර තුනකට පෙර කොටි ඝාතනය කළ පාසල් සිසු සිසුවියන්, රජයේ සේවකයන් හා නිලධාරීන්ගේ ඥතීහු සාධාරණත්වයක්‌ පතා ඇමරිකානු අධිකරණය වෙත ගොස්‌ තිබිණි. එහිදී අනාවරණය වූයේ “ටැමිල් ඩයස්‌පෝරාවේ” සාමාජිකයකු ලෙසින් පෙනී සිටි රාජරත්නම්ගේ ක්‍රියාකලාපයයි. කොටි ඝාතනය සමාගමට විශාල වශයෙන් අරමුදල් සැපයූ පවුල වූයේ ද රාජරත්නම් පවුලයි. මෙලෙස රාජරත්නම් පවුලේ කටයුතු හෙළිවෙත්ම ඔහු මෙරට ව්‍යාපාරික සහ බැංකුවල තිබූ කොටස්‌ විකුණුවේය. මෙහිදි නැඟෙන ප්‍රශ්නය නම් කොටි ඝාතක සමාගමට අරමුදල් සැපයූ රාජරත්නම්ගේ මෙරට වත්කම් තහනම් කිරීමට ක්‍රියා නොකිරීමයි. 
 ඉහළ පෙළේ ආරංචි මාර්ග දක්‌වන අන්දමට කොටි සමාගම ඝාතනය වූවත් රාජරත්නම්ට සම්බන්ධ පිරිස ඉහළ සබඳකම් දක්‌වන නිසා ඔවුන් ගැලවී ඇත. මේ පිරිස්‌ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම හමුවේ සාක්‍ෂි දීමට ඉදිරිපත් වුවත් එ් ගැන පුදුම විය යුතු නැත.
 ( කීර්ති වර්ණකුලසූරිය )
 සත්‍යය නම් වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙනී ඔවුනට අපගේ ස්තූතිය....

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger